News

ඉන්ධන සහනය කපා දැමීමට එරෙහිව සුළුපන්න ධීවරයෝ විරෝධය දක්‌වති

මීගමුව සමූහ – විමල් කීර්ති


සුළු පන්න (පොඩි බෝට්‌ටු) ධීවර කාර්මිකයන්ට ලබාදුන් ඉන්ධන (භූමිතෙල්) සහනාධාර රජයෙන් කපා හැරීමට විරෝධය දක්‌වමින් කල්පිටියේ සිට මීගමුව දක්‌වා සුළු පන්න ධීවර කාර්මිකයෝ ඊයේ (24 වැනිදා) මුහුදු යැම වර්ජනය කරමින් සාමකාමී විරෝධය රජයට පළ කළහ.


මේ හේතුවෙන් එම ප්‍රදේශවල මත්ස්‍ය වෙළෙඳ සල් ද වසා දැමීම නිසා ප්‍රදේශය පාළු ස්‌වභාවයකට පත්ව තිබෙන අයුරු දක්‌නට ලැබිණි.


කල්පිටියේ සිට මීගමුව වෙරළ දක්‌වා සුළුපන්න ධීවර කාර්මිකයන් පිරිස ලක්‍ෂයකට අධික වන අතර ඔවුන්ගෙන් යෑපෙන සංඛ්‍යාව පන්ලක්‍ෂයකට අධිකය.


ධීවර කාර්මිකයන් පවසන්නේ ඉන්ධන සහනාධාර මාස 8 කට අධික කාලයක සිට කපා දමා ඇති බවය. එබැවින් ඉන්ධන සහනාධාරය හැර ඔවුන්ට විකල්ප විසඳුම් අනවශ්‍ය බවද පවසති. 24 දා මීගමුව වැල්ලවීදිය සාන්ත සෙබස්‌තියන් මුනිඳුන්ගේ කිතුණු දේවස්‌ථානයේදී ධීවර කාර්මිකයන්ට සෙත්පතා විශේෂ ආගමික පූජාවක්‌ පැවැත්විණි.
Source:Divaina online

Leave A Comment