කච්චතිවු ගන්නනම් යුද්ධ කරන්න
ඉන්දීය නීතිපති කියයි
2014 අගෝස්තු 27 02.00 p.m
කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගැනීමට නම් ශ‍්‍රී ලංකාව සමග යුද්ධයකට එළැඹිය යුතු බවත් නීතිය මගින් එම දූපත නැවත ඉන්දියාවට පවරා ගත නොහැකි බවත් ඉන්දීය නීතිපතිවරයා එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත. ශ‍්‍රී ලංකාවේ රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින් පිරිසක් නිදහස් කරවා ගැනීමසඳහා වහාම මැදිහත්වන්නැයි ඉල්ලා සිටිමින් එරට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්දෙදෙනෙකු විසින් ගොනුකරන ලද පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලෙමින්තිබිය දී නීතිපතිවරයා අදාල දැනුම්දීම කොට තිබේ.
1974 වසරේ අත්සන් තැබුණු ද්විපාර්ශ්වික ගිවිසුමකින් කච්චතිව් දූපත ශ‍්‍රීලංකාවට පවරා දී තිබෙන අතර එම දූපතේ සම්පූර්ණ අයිතිය දැන් ශ‍්‍රීලංකාවට හිමිව තිබෙන බව ඉන්දීය නිතිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.මෙහිදී ඊට ප‍්‍රතිචාර දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ප‍්‍රකාශ කොට ඇත්තේ ප‍්‍රශ්න විසඳා ගත යුත්තේ යුද්ධයෙන් නොව සාමකාමීව බවය.
මේ අතර කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගන්නැයි ඉල්ලමින් තමිල්නාඩුප්රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් සහ විපක්‍ෂ නායක එම්.කරුණානිධි විසින්ගොනුකරන ලද පෙත්සම් දෙකක් ලබන සතියේ විභාගයට ගැනීමට නියමිතව තිබේ.