ජාතික කොඩි දාගෙන මාලු ඇල්ලීම තහනම්
පසුගිය කාලසීමාවේ ධීවර ප්‍රජාවගෙන් එල්ල වූ විරෝධතා සැලකිල්ලට ගෙන ශී‍්‍ර ලංකා ජාතික ධඡය සහිතව විදේශීය යාත්‍රා මගින් මසුන් ඇල්ලීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී ආරම්භ කරන ලද සමාගම් කිහිපයක්ජාතික කොඩිය ගසාගෙන මාළු අල්ලන විදේශ යාත්‍රාවලට වාරණයක්
වසන්ත ලියනගේ
ශ්‍රී ලංකා ධජය සහිතව මාළු අල්ලන විදේශ යාත්‍රාවලට ඊයේ (30 වැනිදා) සිට මාළු ඇල්ලීම රජය විසින් තාවකාලිකව අත්හිටුවා ඇත.
ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වූ සමාගම් කීපයක් හරහා මෙම විදේශීය යාත්‍රා මහ මුහුදේ මාළු අල්ලයි.
මෙම යාත්‍රා ජාත්‍යන්තර මුහුදේ මාළු අල්ලන බව පැවසුවද, එම යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මාළු අල්ලන බවට ධීවරයන්ගෙන් පසුගිය කාලයේ චෝදනා එල්ල විය.
ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති සමාගමක් හරහා ශ්‍රී ලංකාවේ ධජය සහිතව ජාත්‍යන්තර මුහුදේ මාළු අල්ලන චීන යාත්‍රා අටක් පසුගිය අවුරුද්දේ ම ගිවිසුම් කඩ කරමින් ක්‍රියා කර ඇති බව ද වාර්තා වෙයි.
මෙම චීන යාත්‍රා මගින් අල්ලන මාළු වලින් 10% ක කොටසක් ධීවර සංස්ථාවට ලබාදිය යුතුය. නමුත් මෙම යාත්‍රා අටෙන් යාත්‍රා දෙකක් පමණක් එක් වරක් එම 10% ක කොටස ධීවර සංස්ථාවට ලබා දී ඇත. එය යාත්‍රා දෙක ද ඇතුළුව අනෙකුත් චීන යාත්‍රා සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා වරායන්ට පැමිණ ඇත්තේ මාළු රහිත හිස් යාත්‍රා ලෙසිනි. මෙම තත්ත්වය යටතේ මෙම යාත්‍රා ජාතික කොඩිය ගසාගෙන ජාත්‍යන්තර මුහුදේ නීති විරෝධී කටයුත්තක නිරතවුණා දැයි සොයා බැලීමට ධීවර අමාත්‍යාංශයෙන් මේ වන විට පරීක්ෂණයක් අරඹා ඇත.
Divaina