මුලතිව් දිස්ත්‍රික්කයේ තෙන්රල් කාන්තා කණ්ඩායමේ මාසික හමුව, 2021.11.13
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මුලතිව් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් ක්‍රියාකාරි කාන්තා කණ්ඩායමක් වූ තෙන්රල් කාන්තා කණ්ඩායමේ මාසික හමුව 2021 නොවැම්බර් මස 13 වන දින කාන්තාවන් 23 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙම කාන්තා කණ්ඩායමේ විශේෂයෙන් වර්තමානයේ ඉතා අවාසනාවන්ත අයුරින් ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසයෙන් තම ආර්ථික ආදයම් උත්පාදන මාර්ග අහිමි වු කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වය පිළිබඳව කාලීන සාකච්ඡාවක යෙදිණි.
විශේෂයෙන්, මේ දිනවල ඉතා දරුණු අයුරින් සිදුවන ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවල සංක්‍රමණය වීම හේතුවෙන්, මෙරට ධීවර සම්පත් කොල්ලකෑම හා තහනම් ආම්පන්න භාවිතය නිසා මත්ස්‍ය කර්මාන්තය අබාවයට යෑම මෙරට ධීවර උපකරණ මෙන් ම සාගර සම්පත විනාශ වීම පිළිබඳව ද මෙහිදි සාකච්ඡාවේ මතු වු කරුණු අතර වේ. එමෙන්ම, ධීවරයින්ගේ මෙන් ම ධීවර කාන්තාවන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදි සාකච්ඡා විය. සිසුන්ගේ අධ්‍යාපනික තත්ත්වය කොරෝනා වෛරසය හමුවේ බිඳ වැටී ඇති ආකාරයත් දිස්ත්‍රික්කයක් ලෙස කාන්තා කණ්ඩායම්වල සමස්ත ක්‍රියාකාරිත්වය පිළිබඳව ඇගයීමක් ද මෙහිදි සිදු කෙරෙණි. එමෙන්ම, ගම්මාන මට්ටමෙන් විහිදි ඇති කාන්තා කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය ද මෙහිදි සාකච්ඡා විය. මේ අවස්ථාව සඳහා මුලතිව් දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක පිරිතාස් සිංහරාසා මහතා සම්බන්ධ විය.