ඉන්දීය දැලේ සිටි ධීවරයෝ 25ක් ලක්බිමට එති
2014 මාර්තු 16 07.05 p.mඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනා මත ඉන්දීය අත්අඩංගුවේ පසුවු ශ්‍රී ලාංකික ධීවරයින්25 දෙනෙකු නිදහස් කර තිබේ. පසුගිය පෙබරවාරි මස නව වැනිදා වේලන්කේනි මුහුදු ප්‍රදේශයේ දී එම පිරිස ඉන්දීය අත්අඩංගුවේ පත්විය. තමිල්නාඩු රජය ගත් තීරණයකට අනුව මෙම පිරිසට නිදහස හිමිවී ඇත.