පාරිසරික ගොවිතැන පිළිබදව ප‍්‍රායෝගික වැඩමුළුව
—mßirfhka
f;drj wmg ðj;a úh fkdyel’ wms yqiau .kafkao wms ðj;a jkafko mßirfhks’ පාරිසරික lDIsl¾udka;h fïjf.a ld,hl§ jvd fyd`o ld,Sk wjYH;djhls’˜. මානව ශිෂ්ටාචාරයේ අර් බුද පරිසරයේ විසදුම් සොයමු පාරිසරික ගොවිතැන පිළිබදව ප‍්‍රායෝගික වැඩමුළුව 2019 ක්වූ ජූලි 10 සිට 12 දින දක්වා නීල බැම්ම ගොවි භූමියේදී පැවැත්වීණ. මේ අවස්ථාවට මන්නාරම, අම්පාර, පොළොන්නරුව, පොල්පිතිගම, ත‍්‍රිකුණාමලය, මුලතිව්, මඩකලපුව, ගාල්ල, මාතර, කරුවලගස්වැව, කිලිනොච්චිය, යාපනය සහ මොනරාගල ආදී ප‍්‍රදේශවලින් පැමිණි තරුණ තරුණියන් 30 අධික පරිසක් මෙයට සහභාගි වූහ. පාරිසරික කෘෂිකර්මාන්තය පිළිබදව පැවැත්වූ තෙදින වැඩමුළුව නීලබැම්ම ගොවි බිමේ පැවැත්වූ අතර නාවින්න ආයුර් වේද පර්යේෂණ ආයුර් වේද ආයතනයේ අශෝක කරුණාරත්ත මහතා සම්පත්දායකත්වය සපයන ලදී. පාරිසරික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් කාලීන මාතෘකා රාශියක්තෙදින වැඩමුළුවේදී සාකච්ඡා විය.
ප‍්‍රථම දිනයේදී පාරිසරික ගොවිතැන, ගෝලීය සංවර්ධනය ආහාර සුරක්‍ෂිතතාවයට ආරක්‍ෂාව බලපාන ආකාරය, වර්තමාන රසායනික ගොවිතැන පරිසර විනාශයට බලපාන ආකාරය විග‍්‍රහ කිරීම සිදු කරන ලදී. අශෝක කරුණාරත්න මහතා විසින් ගෝලීය පාරිසරික තත්ත්වය සම්බන්ධයෙන් හා ගෝලීය පාරිසරික ගැටලු සම්බන්ධයෙන් සහ ආහාර නිෂ්පාදන කි‍්‍රයාවලිය පෝෂණය සහ දරිද්‍රතාවය, පාරිසරික සොබාදහම, කාන්තාවන් සහ ආහාර නිෂ්පාදන සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
අවසන් දිනයේදී ඇන්තනි මහතා විසින් පෙරදිනය සම්බන්ධයෙන් හැරී බැලීමක් සිදු කළ අතර මන්නාම් දිස්ති‍්‍රක්කයේ ඈන් මෙනවිය ද අම්පාර ප‍්‍රදේශයේ හකීම් මහතා ද කුරුණෑගල ශානක මහතා ද අදහස් දක්වන ලදහ. කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් සහ කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් කාබනික පොහොර බ`දුනක් සකස් කරගන්නා ආකාරය සම්බන්ධයෙන් කේෂත‍්‍ර ප‍්‍රයෝගික ක‍්‍රියාකාරකම සිදු කළ අතර පැමිණි සියලූ දෙනාගේ අදහස් යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව එච්.එම්.දිසානායක නීලබැම්ම නේවාසික ව්‍යාපාර කළමනාකරා මහතා ගෙවතු වගාව සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කර ලක්සිරි මහතාගේ ස්තූති කථාවෙන් අනතුරුව වැඩමුළුව නිමාව සනිටුවහන් කළහ.