News

පෝට්‌සිටියෙන් බැටකන ධීවරයන් ගැන විමර්ශනයක්‌

පෝට්‌සිටියෙන් බැටකන
ධීවරයන් ගැන විමර්ශනයක්‌

ලසිත දුමින්ද

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (පෝට්‌සිටි) හේතුවෙන් අගතියට පත් ධීවර පවුල් සම්බන්ධයෙන් විමර්ශනයක්‌ සිදුකර සතියක්‌ ඇතුළත වාර්තාවක්‌ ලබා දෙන ලෙසට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම්වරියට ඊයේ (30 වැනිදා) උපදෙස්‌ දී ඇත.

මුහුදේ වැලි ඝන මීටර් 65 ක්‌ සහ මුහුදෙන් හෙක්‌ටයාර් 269 ක භූමි ප්‍රමාණයක්‌ ලබා ගැනීම නිසා ධීවර කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන්ට විශාල බලපෑමක්‌ කොළඹ නගර ව්‍යාපෘතියෙන් එල්ල වී තිබේ.

අගතියට පත් ධීවර ප්‍රජාවට සහන සැලසීමට රුපියල් මිලියන 500 ක මුදලක්‌ අදාළ ව්‍යාපෘතියෙන් වෙන් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව ද ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

ඇමැති මහින්ද අමරවීර මහතා ධීවර සංගම් නියෝජිතයන් සමග මේ සම්බන්ධයෙන් ද සාකච්ඡාවක්‌ පවත්වා ඇති අතර, අගතියට පත් පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක්‌ සිදුකර සතියක්‌ ඇතුළත වාර්තාවක්‌ ලබාදෙන ලෙසට අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරි මහත්මියට උපදෙස්‌ දී ඇත.


දිවයින

Leave A Comment