Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the acf domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/nafsbjsv/public_html/nafso/wp-includes/functions.php on line 6121

Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the alone domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/nafsbjsv/public_html/nafso/wp-includes/functions.php on line 6121
සංචාරක කර්මාන්තය නිසා ‘ගිලිහී ගිය මානව හිමිකම්’ – NAFSO
News

සංචාරක කර්මාන්තය නිසා ‘ගිලිහී ගිය මානව හිමිකම්’

10 ජුනි 2015 
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දියුණුවත් සමඟ ධීවරයන් ඇතුළු වෙරළාසන්න ජනතාවට බරපතල ගැටලුවලට මුහුණදීමට සිදු වූ බව ධීවර වෘත්තීය සමිති නායකයෝ පවසති.
ධීවර ජනතාවගේ රැකියාව සහ වාසස්ථාන අහිමි වූවා පමණක් නොව පරිසරයටද බරපතල විනාශයක් සිදු වූ බවයි, ලෝක ධීවර සම්මේලනයේ ශ්‍රී ලංකා නියෝජිත හර්මන් කුමාර බීබීසී සංදේශයට කියා සිටියේ.
ඔහු ඒ බව කියා සිටියේ සංචාරක කර්මාන්තය හේතුවෙන් ගිලිහී ගිය මානව හිමිකම් පිළිබඳව සිදු කළ අධ්‍යයනයක වාර්තාව අඟහරුවාදා කොළඹදී එළිදැක්වූ අවස්ථාවට සහභාගි වෙමින්.
රජය විසින් ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීම යුද්ධයෙන් අනතුරුව අවතැන්වූ ජනතාව යළි පදිංචි කිරීමේ ක්‍රියාදාමයට බාධාවක් වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
තවත් සංවිධාන කිහිපයක සහයෝගයෙන් එම අධ්‍යනය සංවිධානය කොට තිබුණේ ජාතික ධීවර සහයෝගිතාවය විසින්.
පසුගිය රජය මහා පරිමාණ වශයෙන් ක්‍රියාත්මක කළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් පරම්පරා ගණනාවක් මුළුල්ලේ සිය ජීවිකාව වූ තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් නැරඹීමේ රැකියාව අතහැර දැමීමට සිදුවීමේ තත්වයක් උදාවී ඇති බව නිලාවේලි සංචාරක යාත්‍රා සහ සේවා සපයන්නන්ගේ සමූපකාර සමිතියේ ලේකම් එම් ජේ ප්‍රියන්ත පැවසීය.
ධීරයන් මතුකරන මේ ගැටලුවලට වහාම විසඳුම් ලබාදීමේ අවශ්‍යතාවය රැස්වීමේදී අවධාරණය කෙරුණි.

Leave A Comment