News

ශ්‍රී විමුක්ති තරුණ ව්‍යාපාරයේ මාසික කාරක සභාව 2022 මැයි මස 29 වන ඉරුදින

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සක්‍රීය ක්‍රියාකාරිත්වයක් ඇති ගම්පහ දිස්ත්‍රික් මීගමුව ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ ශ්‍රී විමුක්ති තරුණ ව්‍යාපාරයේ මාසික කාරක සභාව 2022 මැයි මස 29 වන ඉරුදින පවත්වන ලදී. මෙහිදි වත්මන් සමාජ, ආර්ථික,දේශපාලන අවකාශය තුළ තරුණයාගේ කාර්යභාරය ව්‍යාපෘතිය යටතේ පැවැත්වු සමාජ ආර්ථික දේශපාලන පුහුණුවේ ඉදිරි පියවර ආපදා කළමනාකරණ පුහුණුව ආදී කරණු ගණනාවක් මෙහිදි සාකච්ඡා කළහ. එමෙන්ම, මෙම අවස්ථාවේදී මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ පාපන්දු දිනා ගත් එම ශ්‍රී විමුක්ති තරුණ කැළ වෙත සහතික පත්‍ර බෙදා දීම ශ්‍රී විමුක්ති ධිවර කාන්තා සංවිධානයේ එම තරුණ දරුවන් වෙත බෙදා දීම සිදු විය මේ සඳහා තරුණ තරුණියන් 15 දෙනෙකු සහ වින්සන් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වූහ.

Leave A Comment