අර්බුදයක් හමුවේ මතු වූ මානුෂියත්වය – මීගමුව ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය
ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය හමුවේ ස්වකීය ආදායම් මාර්ග අහිමි වු අඩු ආදායම් ලාභි ධීවර පවුල් සඳහා වියළි ආහාර බෙදා දීම අමානා එක්ස්පෝර්ට් ආයතනය මූලිකත්වයෙන් මීගමුව ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ සහභාගිකත්වයෙන් 2021 ජුනි මස 22 වන දින එම සංවිධාන කාර්යාලයේදී පැවැත්විණ. එදිනම ඉතා අවාසනාවන්ත අයුරින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ තවමත් ගිලෙමින් පවතින එක්ස් ප්‍රර්ස් පර්ල් නෞකාවෙන් පිටතට ගලා ගිය රසායනික ද්‍රව්‍ය හේතුවෙන් තවමත් ධීවර කටයුතු කරගැනීමට නොහැකි වූ අඩු ආදායම් ලාභි ධීවර පවුල් සඳහා රුපියල් 6000 මුදලක් ලබා දීම එදිනම සිදු විය.