අපේ මුහුද එතෙරට දෙනවා රනිල්ගෙන් චෝදනා
2014 පෙබරවාරි 16 12:40 a.m

සෙනසුරාදා (15) හලාවත නගරයේදී මෙම විරෝධතාවය පැවැත්වුණි.
රජය විසින් ඉන්ධන මිළ වැඩි වැඩි කිරීමට එරෙහිව හලාවත දී 2012 පෙබරවාරි මස 15 වැනිදා පැවති ධීවර විරෝධතාවයකදී පොලිස් වෙඩි පහරකින් මිය ගිය හලාවත – වැල්ල පදිංචි ඇන්ටනි ප්රනාන්දු එම විරෝධතාවයේදී තුවාල ලබා සිට පසුව සිය දිවි හානිකර ගත් ජේසුමරිය කිංස්ලි, ඉරණවිල ඇමරිකන් හඩ ඉදිකරනවාට විරෝධය පල කරමින් පැවති විරෝධතාවයකදී මිය ගිය බෙනට් ප්රනාන්දු, නොරචෝලේ තාප විදුලි බලාගාරය ඉදිරිකරනවාට එරෙහිව පැවති විරෝධතාවයකදී වෙඩි පහරකින් මිය ගිය සෝමසිරි ප්රනාන්දු යන ධීවරයින් සිහි කිරීමද මෙහිදී සිදු විය.
ජාතික ගොවි ධීවර විරෝධතා දිනය ලෙස මෙම දිනය නම් කර තිබුණි. හලාවත සුදසුන සම්මන්ත්රණ ශාලාවේදී පැවති සම්මන්ත්රණයේදී බැදිවැව දියසේන හිමියන්ද,බ්රිට්රෝ ප්රනාන්දු,හර්මන් කුමාර යන මහ්තවරුන්ද අදහස් දැක්වීය.

‘අද අපේ ධීවරයින්ට නිදහසේ තම රැකියාවල් කර ගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. විදේශ ධීවරයින් මෙන්ම නැව් බෝට්ටු ඇවිත් මාළු අල්ලනවා.මෙම තත්ත්වය නතර කරන්න රජය කිසිම ක්රියා මාර්ගයක් ගෙන නැහැ.මේ නිසා ධීවරයා අද ගැටළු රැසකට මුහුණ පා තිබෙනවා.

හලාවතදී පැවති මෙම ධීවර විරෝධතාවයට හලාවත සහ ඒ අවට පදිංචි ධීවරයින් සහභාගි නොවීම විශේෂත්වයකි. විරෝධතාවය පැවැත්වෙන විට හලාවත නගරය පුරා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.
ජුඩ් සමන්ත Lakbima