News

Assessment of the economically support program for the women headed families in Galle, 2019/2020 වර්ෂවල තෝරා ගත් ගෘහමූලික කාන්තාවන්ගේ ආන්තික පවුල් සඳහා වු ආර්ථික ශක්තියක් වු වැඩපිළිවෙලෙහි ඇගයීම් වැඩසටහන, ගාල්ල දිස්ත්‍රික්කය, 2022 ජනවාරි 27 වන බ්‍රහස්පතින්දා

 A monitoring program was conducted to
assess the progress of the program which supported to the marginalized women
headed families to develop their economic background under the Mission Inclusion
project in 2019/2020 in Galle district. The program was held with 20
beneficiaries who have started different income generation activities at the
office of Southern Fisheries Organization on 27 January, 2022 in Galle. 

The assessment of the progress was
held focusing on many areas in relation to the improvement of the
beneficiaries. Assessment of economic enhancement of the particular families
was the major purpose of the monitoring as well as sharing the experience of
the women headed families as entrepreneurs among the women headed families, the
contribution and relationship with the committee in the village and  the contribution to increase the membership
of the organization. The contribution of the beneficiaries to implement the
different programs of the Southern Fisheries Organization as a partner
organization of National Fisheries Solidarity Movement  in regional and national level was taken to
the discussion table in the meeting. 

Women headed families who product food
items, coir productions, fish, dry-fish, cement bricks, retail shops, book
shops, dress making, dress sale, yam cultivation ( Innala), Chile farming and
cinnamon cultivation participated in the evaluation meeting. Mr. Anthony
Jesudasan, Coordinator of peoples to people dialogue for sustainable
development, Mrs. Lavina Hasanthi, Women Coordinator from National Fisheries
Solidarity Movement, Mr. Dulip Rangageewa, District Coordinator of Southern
Fisheries Organization, Mr. Channe De Silva and Mrs. Nadeeka Jayamali Animator
of Southern Fisheries Organization participated in the meeting.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය හරහා ක්‍රියාත්මක වන ඵසිසදබ Mission Inclusion ව්‍යාපෘතිය යටතේ 2019/2020 වර්ෂවල තෝරා ගත් ආන්තික ගෘහමූලික කාන්තා පවුල් සඳහා ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැන්වීම අරමුණ කරගත් ජිවන මාර්ග ගොඩනැගීමේ වැඩසටහන යටතේ එහි ඇගයීම් වැඩසටහන 2022 ජනවාරි මස 27 වන දින ගාල්ල දකුණේ ධීවර සංවිධාන කාර්යාලයේදී ගෘහමූලික කාන්තාවන් 20 සහභාගිත්වයෙන් පැවැත්විණ. මේ වන විට ගෘහමූලික කාන්තා පවුල්වල ආර්ථික තත්ත්වය පිළිබඳව යම් සාකච්ඡාවක් සිදු කිරීමත් සමාන ජිවනෝපායන් පවත්වාගෙන යන ගෘහමූලික කාන්තාවන් අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමත් මෙහි අරමුණ විය. ගෘහමූලික කාන්තාවන් ගම්මානයේ ඇති සමිතියට දක්වන දායකත්වයේ ස්වභාවය සම්බන්ධයෙන් යම් තක්සේරුවක් කර ගැනීමත් සාමාජිකත්වය වර්ධනයට කොතරම් දායකත්වයක් දක්වනේ ද යන්නත් මෙහිදි සාකච්ඡා කළ කරුණු අතර විය. දකුණේ ධීවර සංවිධානය විසින් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා දක්වන දායකත්වයේ ස්වභාවය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය. මෙම සාකච්ඡාව සඳහා ආහාර නිෂ්පාදන කරන, කොහු නිෂ්පාදනයේ යෙදෙන, මාළු සහ කරවල නිෂ්පාදනය, බ්ලොක් ගල් සෑදීම, සිල්ල කඩ, පොත් කඩ, රෙදි මැසීම සහ නිමි ඇඳුම් විකිණීම ද ඉන්නල, මිරිස් සහ කුරුඳු වගාවේ යෙදෙන ගෘහමූලිකා කාන්තාවන් මේ සඳහා සහභාගි වූහ. මෙම සාකච්ඡාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සාමය හා තිරසර සංවර්ධනය සඳහා ජනතා අතර සංවාදයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා කාන්තා සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය ද දුලිප් රංජිව මහතා ද චන්න ද සිල්වා මහතා ද නදීකා හේමමාලි මහත්මිය ද සහභාගි වූහ.

Leave A Comment