News

පාස්කු ප්‍රහාර විරෝධී වැඩසටහන හා දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය මාරිස්ටෙලා විදුහල් ශාලාවේදි 2023 මැයි මස 21 වන ඉරුදින

අතුරුදහන්වූවන්ගේ දූදරු මාපිය සංවිධානයේ 

බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාගේ අදහස් දැක්වීම
අයි.එම්.එෆ් සහ ප්‍රතිගාමි බදු
මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතාගේ අදහස් දැක්වීම
 

කම්කරු නීති ප්‍රතිසංස්කරණ සහ ත්‍රස්ත විරෝධි පනත
 නීතීඥ මිගාර ඩෝස් මහතාගේ අදහස් දැක්වීම

පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිසම් වාර්තාව පිළිබඳව අදහස් දැක්වීම
නීතීඥ මනෝජ් නානායක්කාර මහතා

 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු 

හර්මන් කුමාර අදහස් දැක්වීම

පාස්කු ප්‍රහාර විරෝධී වැඩසටහන හා දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය මාරිස්ටෙලා විදුහල් ශාලාවේදි 2023 මැයි මස 21 වන ඉරුදින සවස පැවැත්වූහ මෙම විශේෂ සම්මන්ත්‍රණය සුවිශේෂි පුද්ගලයින් කිහිපදෙනෙකු සහභාගි වු අතර පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිසම් වාර්තාව පිළිබඳව නීතීඥ මනෝජ් නානායක්කාර මහතා ද කම්කරු නීති ප්‍රතිසංස්කරණ සහ ත්‍රස්ත විරෝධි පනත සම්බන්ධයෙන් නීතීඥ මිගාර ඩෝස් මහතා ද අයි එම් එෆ් සහ ප්‍රතිගාමී බදු සම්බන්ධයෙන් අදහස් දැක්වීම ආචාර්ය සුමනසිරි ලියනගේ මහතා යන මහත්වරුන් විසින් අදහස් දක්වන ලදී විශේෂයෙන් පාස්කු ප්‍රහාරයේ වින්දියතයින්ට යුක්තිය ඉටු වීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ද මෙහි වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ද අදහස් ඉදිරිපත් විය තවද පොදු කථිකාවත මෙහෙයවීම ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ හර්මන් කුමාර මහතා විසින් අදහස් දක්වන ලදී මෙම විශේෂ සම්මන්ත්‍රණ මාලාව මීගමුව පුරවැසි එකතුව විසින් සංවිධානය කරන ලදී.

Leave A Comment