ජීවනෝපාය ආධාර වැඩසටහන යටතේ මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා සංවිධානයේ තෝරා ගත් කාන්තා ගෘහමූලික පවුල් 15 ක් සඳහා ජීවනෝපාය උපකරණ සහ සතුන් ප්රදානය,2022 දෙසැම්බර් මස 04 වන සඳුදා
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජීවනෝපාය ආධාර වැඩසටහන යටතේ මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා සංවිධානයේ තෝරා ගත් කාන්තා ගෘහමූලික පවුල් 15 ක් සඳහා ජීවනෝපාය උපකරණ සහ සතුන් ප්රදානය කරන ලදී. මෙම උත්සවය 2022 දෙසැම්බර් මස 04 වන සඳුදා දින මඩකලපුව දිස්ත්‍රික්කයේ කිතුල් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කාරතුමන් වන හර්මන් කුමාර මහතා ද කාන්තා වැඩසටහන් සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය ද සාමය හා තිරසර සංවර්ධනය සඳහා වු ජනතා සංවාදයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා ද අදහස් දැක්වූ. මරුමලච්චි දිස්ත්‍රික් කාන්තා සංවිධානයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සුභාසිංශන එක් කළහ. මෙම අවස්ථාවේදී කාන්තා සජිවිකා එන්.නිරෝෂා මහත්මිය වැඩසටහන මෙහෙය වු අතර මඩකලපු දිස්ත්‍රික් සම්බන්ධිකාරිකා එච්.එම්.එෆ්.ෂර්මිලා මහත්මිය ද සහභාගි වී සිය අදහස් බෙදා ගන්නා ලදී. ගෙවතු වගාව, මිරිස් හා කුළු බඩු, කෘෂි වගා සඳහා උපකරණ, සතුන් සහ මැහුම් සඳහා උපකරණ ලබා දෙන ලදී.