News

අම්පාර දිස්ත්‍රික් තරුණ තරුණියන් අතර සන්හිඳියාව පිළිබඳව සාකච්ඡාවක් 2022 පෙබරවාරි මස 28 වන දින

 ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සක්‍රීය දිස්ත්‍රික් සංවිධානයක් වන අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් තරුණ තරුණියන් අතර සන්හිඳියාව පිළිබඳව සාකච්ඡාවක් 2022 පෙබරවාරි මස 28 වන දින පොතුවිල් ප්‍රාදේශීය සභා ශාලාවේ දී පැවැත්විණ. ජාති ආගම් හා පටු ආකල්ප නොසලකා මිනිස්කමට ගරු කරමින් යහපත් සමාජයක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරව මෙහිදි සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉසයිඩීන් මහතා සම්බන්ධ වු අතර තරුණ තරුණියන් විශාල පිරසක් මේ අවස්ථා සමඟ සම්බන්ධ වූහ.

Leave A Comment