News

අම්පාර දිස්ත‍්‍රික් සහයෝගිතාවයෙන් ජනතාවට ආර්ථිකයට සවියක්

  

අම්පාර දිස්ති‍්‍රක් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් පැතිර යන නව කොරෝනා වෛරසය හමුවේ ආර්ථික වශයෙන් පීඩාවට පත්වු සාමාජික සාමාජිකාවන් 60 දෙනෙකු වෙත වියළි සලාක මළු කිහිපයක් බෙදා දීම 2020 නොවැම්බර් මස 12 වන දින පැවැත්විණ. පැතිර යන නව කොරෝනා වෛරසය නිසා ස්වකීය ආදායම් මාර්ග අහිමී වී ආර්ථික වශයෙන් දැඩි පරිහානියට පත්ව ඇති ජනතාව උදෙසා මෙම වියළි සලාක මළු ප‍්‍රදානය කිරීම සිදු විය. මෙම අවස්ථාව සදහා අෂ්රෝෆ් නගර්, දීගවාපිය, කවඩාපිට්ටි, කන්නගිපුරම්, විනයාගිපුරම්, පොතුවිල් යන ප‍්‍රදේශ ආවරණය කරමින් මෙම වියළි සලාක මළු 60 බෙදා දෙන ලදී මෙම අවස්ථාව සදහා අම්පාර දිස්ති‍්‍රක් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ඒ ඉසදීන් මහතා ද සජීවක කන්නන් කොකුලන් මහතා ද තරුණයින් කිහිපදෙනෙකුද එක් වූහ.

Leave A Comment