ඉන්දියන් ට්‍රෝලර් ආක්‍රමණයට එරෙහිව උතුරේ ධීවර විරෝධය
මේ තත්ත්වය හමුවේ බලා නොසිටි උතුරු ධීවර ප්‍රජාව මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර සමූපාකාර සමිතිය හා ධීවර සම්මේලනයේ මැදිහත්ව 2020 දෙසැම්බර් 15 වන දින මුලතිම් දිස්ත්‍රික්කයේදී උතුරේ ධීවරයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. ඉන්දියන් ට්‍රෝලර් යාත්‍රා මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරනවා පමණක් නොව මෙරට ධීවරයින්ගේ ධීවර සම්පත් කොල්ල කන අතර මොවුන්ගේ විශාල ට්‍රෝලර් යාත්‍රා නිසා මෙරට ධීවරයිනගේ ධීවර ආම්පන්න පවා විශාල වශයෙන් හානියට හා විනාශයට ලක් වන බව උතුරේ ධීවරයෝ පැවසූහ. මෙම විරෝධතා ව්‍යාපාරය මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වු අතර එහි නිලධාරියෙකු වෙත ධීවරයින්ගේ ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් ද බාර දෙන ලදී. මෙම අවස්ථාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු දකුණු ජනතා සන්වාදයේ සම්බන්ධිකාරක ඇන්තනි ජේසුදාසන් මහතා ද ජාතික කාන්තා කටයුතු සම්බන්ධීකාරිකා ලවීනා සහන්ති මහත්මිය ද සම්බන්ධ වූ අතර ධීවර නායකයින් ඇතුළු ධීවර ප්‍රජාව ද සිවිල් සංවිධාන ද කාන්තා සංවිධාන ද දේශපාලන පක්‍ෂවල සහ මාධ්‍ය නියෝජිතයින් ද සහභ්‍යාගි වූහ.