News

දකුණේ ධීවර සහයෝගිතා ව්‍යාපාරය, ගාල්ල විසින් ලෝක පරිසර දිනයට සමගාමීව මාඩවිල සිසිල භූමිය තුළ පැළ සිටුවීම 2022 ජුනි මස 05 වන දින

දකුණේ ධීවර සහයෝගිතා ව්‍යාපාරය, ගාල්ල විසින් ලෝක පරිසර දිනයට සමගාමීව
මාඩවිල සිසිල භූමිය තුළ පැළ සිටුවීම 2022 ජුනි මස 05 වන දින එම ප්‍රදේශය
කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණ. රබර් ඉඩමක් කපා වෙන්දිසි කිරීම නිසා එම
ප්‍රදේශයේ පරිසර පද්ධතිය විනාශ වීම නිසා එය යථා තත්ත්වය පත් කර ගැනීම මෙම
ප්‍රදේශයේ පැළ සිටුවීම තෝරා ගැනීම මෙහි අරමුණ වේ. මෙම අවස්ථාව සඳහා රත්ගම
ප්‍රාදේශීය ලේකම්තුමිය, තෙලිකඩ පරිසර පොලිස් ඒකකයේ ස්ථානාධිපතිතුමා, රත්ගම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිසර නිලධාරි සහ මවඩවිල දපාරාම විහාස්ථානායේ
විහාරාධිපති පූජ්‍ය බුලත්සිංහල ධම්ම වංශ හිමි ද දකුණේ ධීවර සංවිධානයේ ගාල්ල
සම්බන්ධිකාරක දුලිප් රංජිව මහතා හා නදීකා මහත්මිය ද මෙම අවස්ථාවට සම්බන්ධ
වූහ.

Leave A Comment