පලාලි පුද්ගලික ඉඩම් අක්‌කර 6381 ක් රජයට
ජාතික ආරක්‍ෂාව සැලකිල්ලට ගෙන පලාලි යුද හමුදා කඳවුර ශක්‌තිමත් කිරීම සඳහා යාපනය දිස්‌ත්‍රික්‌කය තුළ පිහිටි පුද්ගලික ඉඩම් අක්‌කර හයදාස් තුන්සිය අසූ එකක් (6381) රජයට පවරාගත් බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා “දිවයින ඉරිදා සංග්‍රහයට” පැවසීය.
ඉඩම් පවරා ගැනීමෙන් උතුරේ ජනතාවට කිසිදු අසාධාරණයක් සිදු නොවේ. රජයට පවරාගත් ඉඩම් අක්‌කර 6381 න් ඉඩම් අක්‌කර 220 ක් නිවාස යෝජනා ක්‍රමයක් සඳහා වෙන්කර තිබේ.
මෙම නිවාස සංකීර්ණය ඉදිවෙන්නේ වලාලෙයි එරිය කියන ප්‍රදේශය තුළයි. හමුදාවට පවරාගනු ලැබූ ඉඩම් විශාල ප්‍රමාණයක් හිස් ඉඩම් ලෙසයි පැවතුණේ. යුද්ධය පැවති සමයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් මෙම ප්‍රදේශ තුළ සිටි ජනතාව පලවා හැරලයි තිබුණේ.
රජයට පවරා ගන්නා සෑම ඉඩමකටම අපි වන්දි ගෙවීම සිදුකරනවා. මේ සඳහා දැනටමත් රුපියල් මිලියන 400 කට අධික මුදලක් වෙන්කර තිබෙන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.