News

වර්තමානයේ රටේ ඇති තිබෙන සමාජ ආර්ථික, අර්බුදය පිළිබඳ සාකච්ඡාව, දකුණේ ධීවර සංවිධානයේ ගාල්ලේදී 2022 මැයි මස 20 වන සිකුරාදා දින

 වර්තමානයේ රටේ ඇති තිබෙන සමාජ ආර්ථික, අර්බුදය පිළිබඳ සාකච්ඡාවක් දකුණේ ධීවර සංවිධානයේ ගාල්ලේදී 2022 මැයි මස 20 වන සිකුරාදා දින එම කාර්යාලයේදී පැවැත්විණ. මෙහිදි රටේ වත්මන් අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමත් මෙම අර්බුදය ධීවර, ගොවි ජනතාවට බලපා ඇති ආකාරයත් මේ සඳහා ගත හැකි ප්‍රායෝගික යෝජනා සමිබන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා විය. දක-ුණේ ධීවර සංවිධානයේ ධීවර වෘත්තීය සංගමයේ කාන්තා ගොවි සහ තරුණ නායකයින් මෙම කාලීන සාකච්ඡාවට සම්බන්ධ වූහ මෙහිදි ඔවුන් කළ එක් යෝජනාවක් වූයේ මේ සඳහා වග කිවයුතු සෑම ජනතා නියෝජතයෙකුටම බලපෑම් කළ යුතු බවය එමෙන් ම කාන්තා නායකත්වය විසින් අරගලය ශක්තිමත් කිරීමට උද්ඝෝෂණ ක්‍රියාවලියක් සිදු කිරීමට ද යෝජනා විය මෙම අවස්ථාව සඳහා දකුණේ ධිවර සංවිධානයේ සම්බන්ධිකාරක දුලිප් රංජීව මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

Leave A Comment