Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

තුන්වන Nyéléni ගෝලීය සංසදය සඳහා ආසියා-පැසිෆික් කලාපීය උපදේශනයට නැෆ්සෝ වෙතින් දායකත්වය ලබාදෙයි

තුන්වන Nyéléni ගෝලීය සංසදය සඳහා ආසියා ශාන්තිකර කලාපීය සමුළුවක් මස 09 සිට 12 දක්වා මීගමුවේදී පැවැත්වුණු අතර මෙම මහඟු අවස්තාවට ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය (නැෆ්සෝ) සහ ජාතික ඉඩම් හා ක්ෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (මොන්ලාර්) යන සංවිධාන විසින් සත්කාරක අනුග්‍රහය සපයන ලදී. මෙය පැවැත්වීමේ අරමුණු වනුයේ, තිරසර සහ සාධාරණ ආහාර පද්ධති සඳහා අත්‍යවශ්‍ය අංගයක් වන ආහාර ස්වෛරීභාවය පිළිබඳව සාකච්චා කිරීම සහ ඒ වෙනුවෙන් පෙනීසිටීමට කලාපයෙන් විවිධ හඬවල් එක්කිරීමයි. 





 ගොවීන්, ධීවරයන්, එඬේරුන්, පරිසරවේදීන්, වතුකම්කරුවන්, ස්ත්‍රීවාදීන්, පාරිභෝගිකයන් මෙන්ම විවිධ ප්‍රාදේශීය කණ්ඩායම්වල නියෝජිත‍යින් විසින් සංවිධානය කරන ලද මෙම සාකච්චා සභාව වෙත මිස්ටිකා මහත්මිය උද්‍යෝගිමත් සමාරම්භයක් ලබාදෙන ලදී. 
මෙම හමුවට සහභාගීවන්නන්ට ආහාර හා ස්වෛරීභාවය සාක්ෂාත් කරගැනීම සඳහා ඔවුන්ගේ ඉල්ලීම්, අභිලාෂයන්, බලාපොරොත්තු ප්‍රකාශකිරීමට විචිත්‍රවත් වේදිකාවක් සම්පාදනය විය. මෙහිදී, මිස්ටිකා විසින් අවස්තාවට ගැළපෙන අයුරින් බිම් මට්ටමේ උපදේශනය සහ සහයෝගීතාවය මගින් ආහාර සහයෝගීතාවයේ ගැටළු විසඳීම සඳහා සාමූහික කැපවීම ඉස්මතුවන පරිදි පසුබිම සකස්කරන ලදී. 

ආසියානු සහ පැසිෆික් කලාපය සඳහා වන කලාපීය උපදේශක කණ්ඩායම් (RAG) ලේකම් නිමල් පෙරේරා ධීවර අයිතීන් මානව හිමිකමක් ද වන අතර ආහාර ස්වෛරීබාවයේ අවශ්‍යතාවය යන මාත්ෘකාව යටතේ හරවත් ඉදිරිපත් කිරීමක් සිඳුකරන ලදී. ඔහු සිය කතාවෙන් ධීවරයන්ගේ අයිතිය සහ ආහාර ස්වෛරීත්වය සඳහා වූ පුළුල් අරගලයක් අතර ඇති සහජ සම්බන්ධය අවධායණය කළේය. තවද අපගේ සාගරවල සෞඛ්‍ය තරසරබාවය සහ මිලියන ගණනකගේ ජීවනෝපාය සඳහා ධීවරයින් ද තීරණාත්මක සාධකයක් වන බව අවධරණය කරමින් තිරසර හා සාධාරණ  ආහාර පද්ධති සහතික කිරීම සඳහා ධීවරයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මූලික වනබව ඔහු අවධාරණය කළේය. 

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ කාන්තා හා ශ්‍රී විමුක්ති සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක දීපා සුබාෂිනී ප්‍රකාශ කලේ ධීවරයන් වන අපට ආහාර ස්වෛරීත්වය භුක්ති විඳීම සඳහා පාරම්පරික භුක්ති අයිතියක් අවශ්‍යවන බවයි. ඇය තවදුරටත් අවධාරණය කරමින් කියාසිටියේ මෙම අයිතිවාසිකම් ආහාර ස්වෛරීබාවයේ මුල්ගල වන අතර ප්‍රජාවන්ට ඔවුන්ගේ පැවැත්මට සහ සංස්ක්ෘතික උරුමයට අවශ්‍යවන පරිදි පාරම්පරික ධීවර භූමි සහ සම්පත් පාලනය කිරීමට ඉඩසලසන බවයි. 

ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ හිල්ඩා ප්‍රනාන්දු විසින් ධීවරකටයුතුවලදී කාන්තාවන්ගේ මැදිහත් වීම පිළිබඳව ප්‍රබල සඳහනක් කලාය. ඇය පවසා සිටියේ ධීවර ක්ෂේත්‍රයට කාන්තාවන් අත්‍යවශ්‍ය කාර්‍යබාර්‍යක් සිදුකරන බවත් ඔවුන්ට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සුරැකෙන අයුරින් මෙම ක්ෂේත්‍රය තුල කටයුතු කිරීමට ඉඩ සැළැස්විය යුතුබවත් ය. මාලු ඇල්ලීමේ සිට වෙළඳපොළට ගෙනඒම දක්වා කාන්තාව අතින් සිදුවන කාර්‍යබාර්‍ය බැහැර කිරීම නොකල යුතුබවත් එසේ කිරීමෙන් ධීවර කර්මාන්තයට විශාල හානියක් සිදුවිය හැකිබවත් හිල්ඩා මහත්මිය කියාසිටියි.