71 වන ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම
දෙසැම්බර් 10 වන දිනට යෙදෙන ජාත්යන්තර මානව හිමිකම් දිනට සමගාමීව ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් විසින් සංවිධනය කළ දිරියෙන් මානව හිමිකම් දිනාගමු යන මැයෙන් ජාත්යන්තර මානව හිමිකම් දින සැමරුම කොළඹ 07 ඔලිම්පික් නිවහනේදී පැවැත්විණි.
ආචාර්ය අහිලන් කදිරගාමර් මහතා එදින මෙම අවස්ථාව සදහා සහභාගි වීමට අවස්ථාවක් නොමැති නිසා ඔහුගේ සංවාදයක් වීඩියෝ ගත කර ඉදිරිපත් කළ අතර පසුව සදුන් තුඩුගල මහතා එය සිංහල භාෂාවෙන් සාරාංශ කොට සභාවට ඉදිරිපත් කළේ ය. ඉන්පසුව සදුන් තුඩුගල මහතා ද හැඞ්ලි පෙරේරා මහතා ද අදහස් ඉදිරිපත් කළහ. පසුව සභාමේ විවෘත සංවාදයක් වෙත යොමු වු අතර විවිධ පාර්ශව මෙහිදි අදහස් ඉදිරිපත් කළහ. පසුව චින්තක රාජපක්‍ෂ මහතා ද චමිලා තුෂාරි මහත්මිය ද සභාවෙන් පැමිණි අදහස් සාරාංශ කොට ඉදිරිපත් කළහ. පසුව සම්පත් පුෂ්පකුමාරගේ ස්තූතියෙන් සහ ජයතිලක බණ්ඩාර මහතාගේ ගීතයකින් සභාවේ වැඩ කටයුතු නිමාව දක්නා ලදී.