ශ්‍රි විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ මානුෂීය ක්‍රියාන්විතය
තවමත් මෙරට තුළ පැතිර යන කොවිඩ් වෛරසය නිසා මෙරට ජනතාව කබලෙන් ලිපට වැටී ඇත දිනෙන් දින අකර්මන්‍ය වන ජන දිවිය නිසා ඔවුන්ගේ ආර්ථික තත්ත්වය දිනෙන් දින ව්‍යාකූල වෙමින් පවති. කොවිඩ් 19 නිසා සුපුරුදු ආර්ථික රටාවෙන් ඈත් වීමට ඔවුන් සිදු ව ඇත. කොවිඩ් වසංගතය නිසා ජනතාව එක් අතකින් පීඩා විදිද්දී මෙරට මුහුදු සීමාවේ තවමත් ගිලෙමින් ඇති එක්ස් ප්‍රර්ස් පර්ල් නෞකාවේ රසායනික ද්‍රව්‍ය නිසා අතිශයින්ම ධීවර ප්‍රජාව විශාල ලෙස අසරණව සිටි. සුපුරුදු ධීවර රැකියාවේ ආම්පන්න හා දැල් මේ නිසා විනාශ වී ඇත. දැනට විශාල ලෙස සාගර ජීවින් හා කොරල්පර විනාශ වී ඇත කෙසේ හෝ අල්ලා ගත් මසුන් සහතික මිලකට විකුණා ගැනීමට ඔවුන්ට නොහැකි වී ඇත්තේ මසුන් පරිභෝජනයට පාරිභෝකයින් දක්වන බිය නිසා ය. මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය ධීවරයාගේ ජීවන තත්ත්වය විනාශ වී යාමය මේ තත්ත්වය අවබෝධ කරගත් ශ්‍රී විමුක්ති ධිවර කාන්තා සංවිධානය ධීවර අඩු ආදායම් පවුල් 120 වෙත සහන සැලසීම පසුගිය ජූලි මස 01 වන දින එම සංවිධානයේදී පැවැත්විණ.