The press conference held by the National Fisher Women’s Federation on Wednesday, September 7, 2022, focusing on the problems faced by women, including the fuel crisis that has arisen due to the excessive increase in fuel prices.ඉන්ධන මිල අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් ඇති වී තිබෙන ඉන්ධන අර්බුදය ඇතුළු කාන්තාවන් මුහුණ දෙන ගැටලු මුල් කරගනිමින් පවැත්වු ජාතික ධීවර කාන්තා සම්මේලනය පැවැත්වු මාධ්‍ය සාකච්ඡාව – 2022 සැප්තැම්බර් මස 07 වන බදාදා දින
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අරමුණ පැහැදිලි කිරීම ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේදී කාන්තා අංශයේ සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය ද විසින් සිදු කළා ය. මෙම මාධ්‍ය සාකච්ඡාවේදී දකුණේ ධීවර කාන්තාවන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදි සාකච්ඡා විණි. ඉන්ධන මිල අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් පවුලේ ආර්ථිකය කඩා වැටීම හා ධීවර කාන්තාවගේ වර්තමාන තත්ත්වය පිළිබඳව ජාතික කාන්තා සම්මේලනයේ සභාපතිනි නෙලුම්කා වීරක්කොඩි මහත්මිය ද භුමිතෙල් මිල ඉහළ සමඟ ධීවර රැකියාවට එය බලපා ඇති ආකාරය පිළිබඳව පෙට්ටිවත්ත ග්‍රාමයේ කාන්තාවන් දෙදෙනෙකු විසින් ද ඉන්ධන මිල ඉහළ යෑම සමඟ පසු අස්වනු ක්‍රියාවලිය කඩා වැටීම පිළිබඳව මාතර කාන්තා කමිටුවේ දයා පුංචිහේවා මහත්මිය විසින් ද වර්තමාන තත්ත්වය තුළ දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටීම පිළිබඳව කළුතර දිස්ත්‍රික්කයේ මානෙල් ගුණතිලක මහත්මිය විසින් ද ඉන්ධන ගැටලුව හා ධීවර කාන්තාවන් මුහුණ දෙන ගැටලු විසඳීමට රජයට කරන යෝජනා පිළිබඳව නදීකා ජයමාලි මහත්මිය විසින් ද අදහස් ඉදිරිපත් කරනු ලැබූහ.